Search This Blog

Saturday, February 8, 2014

ශ්‍රීලංකාවේ උක් කර්මාන්තය

උක් කර්මාන්තය  අශ්‍රිත  තොරතුරු  පැරණි  රජ  සමයේ  ඇතැම් ඓතිහාසික කතා මගින් පවා අපට හමුවේ. එක් අවස්තාවකදී  වලගම්බා රජතුමා  සැඟවී සිටින  කාලයේ  ඉක්ෂු  කර්මාන්ත  ශාලාවක  වෙස්වලාගත්  සේවකයකු ලෙස සැඟවී  සිටි  බව  ඉතිහාස ග්‍රන්තයන්ගේ සඳහන් වෙයි . තවත්  අවස්තාවකදී  අන්දරේ සීනි කෑ  අයුරු පිළිබඳව ජනප්‍රවාදයේ  පවතින  කතාව  ලක්දිව  පැරැන්නෝ සීනි නිෂ්පාදන තාක්ෂණය ගැන දැන සිටි  බවට සාක්ෂි  සපයයි.

මෑත ඉතිහාසය  ගත් කල යටත්  විජිත  පාලන  සමයේ  ඉංගී්‍රීසි  ජාතිකයකු  විසින්  වානිජ වශයෙන්  උක් ශාක  වල  යුෂ  යොදාගෙන  සීනි  නිපදවන ලද බව සඳහන්  වෙයි (වෙනත් ශාකයන්හි යුෂ මගින්ද සීනි නිපදවිය  හැක).  ඒ  ගාලු දිස්ත්‍රික්යේ ගිං ගඟ  අශ්‍රිත  පහත් තැනිතලා බිම් ප්‍රදේශයක් වන ය.  ගිං ගග  හරහා  පාරු මගින් උක්  අස්වැන්න  සීනි කර්මාන් තශාලාව  වෙත ප්‍රවාහනය කොට ඇති බවට සඳහන් වෙයි. 

කෙසේ වෙතත්  රාජ්‍ය  අනුග්‍රහය සහිතව සීනි කර්මාන්තය  මෙරට සංවිධානාත්මකව ආරම්භ  කරන  ලද්දේ 1950 දශකයේ වෙයි. මුලින්  කන්තලේ  හා  හිඟුරාණ සීනි  කමහල් ලංකා සීනි සංයුක්ත  මණ්ඩලය  යටතේ ආරම්භ  කල අතර  අසූව දශකයේ  සෙවනගල  හා පැල්වත්ත සීනි  කම්හල්ආරම්භ  කෙරිනි. අද වන විට කන්තලේ කර්මාන්ත ශාලාව හැරුණු  කොට  ඉතිරි තුන  සීනි  නිෂ්පානයේ යෙදී සිටී. ඒ අනුව රටේ වර්ථමාන සීනි අවශ්‍යතාවයෙන්  6%-8% නිෂ්පාදනයක් වාර්ෂික වසැපයීමට එම කර්මාන්ත ශාලා තුනට හැකිව තිබේ. 

No comments:

Post a Comment