ශ්‍රීලංකාවේ උක් කර්මාන්තය
Search This Blog
Wednesday, August 31, 2016
ඒකාන්තර ජලසම්පාදනය
මෙම ක්‍රමයේ මූලික සංකල්පය වනුයේ පේලියක් හැර පේලියක් වන ලෙස ජල සම්පාදනයයි. මෙමගින් වාරි ජල අවශ්‍යතාවය සියයට 40කින් පමණ අඩු කර ගැනීමට හැකිය. උඩවලව ප්‍රදේශයේ (රතු දුඹ ුරුපස් සහිත ප්‍රදේශයේ) උක් වගාව සඳහා මෙම ක්‍රමය ඉතා සාර්තකව අත්හදා බලා ඇත. වැඩි විස්තර සදහා පහත පර්යේෂණ පත්‍රිකාව බලන්න.
Tuesday, December 8, 2015
Sunday, November 22, 2015
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කර්මාන්තයක් ලෙස ව්‍යාප්තව පවතින උක් හකුරු නිෂ්පාදනය
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කර්මාන්තයක් ලෙස ව්‍යාප්තව පවතින උක් හකුරු නිෂ්පාදනය
උක් හකුරු කර්මාන්තය මේ වන විට බදුල්ල දිස්තික්කයේ පස්සර, හල්දුම්මුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, වැල්ලවාය යන පාදීශීය ලේකම් කොට්ටාශවල සුලභ ලෙස ව්‍යාප්තව ඇත. මෙම කර්මානතය බොහෝවිට නවීන තාක්ෂණය හාවිතයෙන් තොර අතර සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස අඩු ආදායම් ලාභී ගොවි ජනතාව අතර ස්ථාපිතව ඇත. උක් හකුරු වල මිල උච්චාවචනය වීම හා ඇතැම් කාල වලදී මිල ඉතා දරුණු ලෙස පහල යාම මෙම කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුන දෙන ප්‍රධාන ගැටලුවයි.
උක් හකුරු නිෂ්පාදනය සිදු කරන ආකාරය බැලීමට පහත ලින්ක් එකක ක්ලික් කරන්න
https://youtu.be/VK_RdUvUCcg

Sunday, August 9, 2015
ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය
ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව ඇත්තේ ඌව ද්‍රෝණියේ දකුණු හා නැගෙනහිර කඳුකර බෑවුම් ප්‍රදේශයේ වන අතර (බදුල්ල, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොණරාගල, සියඹලාණ්ඩුව හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල) මෙම ප්‍රදේවල උක් ගොවීහු ආර්ථික අතින් අතිශය අසරණ පිරිසක් වේ. උක් කර්මාන්ශාලා පිහිටා ඇති තැනිතලා ප්‍රදේශයේ මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතයට ඇති ඉඩකඩ මෙම ප්‍රදේශවල ඉතා විරලය. උක් වගාව සඳහා බිම් සැකසීමේ සිට සියළු කටයුතු කෙරෙනුයේ ප්‍රධාන වශයෙන්ම මිනිස් ශ්‍රමය භාවිතයෙන් වෙයි. උක් වගාවෙන් ලැබෙන ආදායම අනෙකුත් බෝගයනට සාපේක්ෂව අඩුවීමත් මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිත කිරීමට සිදුවීමත් ප්‍රධාන වශයෙන් උක් වගාවෙන් ගොවීන් ඉවත් වීමට බලපා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස උක් හකුරු කර්මාන්තය ද බිඳවැටෙමින් පවතී.සීනි මගින් හකුරු නිෂ්පාදනය කරනු ලබන කුඩා කර්මාන්ත ව්‍යාප්තවීම ද ඉතත උක් හකුරු නිෂ්පාදක යන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වේ.
Saturday, March 1, 2014
උක් වගාව සඳහා ජල අවශ්‍යතාවය
Annual average crop water requirement of Sugarcane in Sri Lanka
The estimated annual average physiological crop water requirement of sugarcane in Sevanagala and Udawalawe were 1420.5 mm and 1396.5 mm respectively. It varied from 1384.6 -1454.8 mm and 1352.3 -1441.1 mm with changing planting dates. The study further revealed that minimum annual irrigation water requirement of sugarcane planted on 30th June, is about 649.3 mm/year and 619.1 mm/year in Sevanagala and Udawlawe respectively. It is about 700.4 mm/year in Sevanagala and 685.2 mm/year in Udawlawe, for sugarcane planted on 1st of January.

Saturday, February 8, 2014
ශ්‍රීලංකාවේ උක් කර්මාන්තය
උක් කර්මාන්තය අශ්‍රිත තොරතුරු පැරණි රජ සමයේ ඇතැම් ඓතිහාසික කතා මගින් පවා අපට හමුවේ. එක් අවස්තාවකදී වලගම්බා රජතුමා සැඟවී සිටින කාලයේ ඉක්ෂු කර්මාන්ත ශාලාවක වෙස්වලාගත් සේවකයකු ලෙස සැඟවී සිටි බව ඉතිහාස ග්‍රන්තයන්ගේ සඳහන් වෙයි . තවත් අවස්තාවකදී අන්දරේ සීනි කෑ අයුරු පිළිබඳව ජනප්‍රවාදයේ පවතින කතාව ලක්දිව පැරැන්නෝ සීනි නිෂ්පාදන තාක්ෂණය ගැන දැන සිටි බවට සාක්ෂි සපයයි.
මෑත ඉතිහාසය ගත් කල යටත් විජිත පාලන සමයේ ඉංගී්‍රීසි ජාතිකයකු විසින් වානිජ වශයෙන් උක් ශාක වල යුෂ යොදාගෙන සීනි නිපදවන ලද බව සඳහන් වෙයි (වෙනත් ශාකයන්හි යුෂ මගින්ද සීනි නිපදවිය හැක). ඒ ගාලු දිස්ත්‍රික්යේ ගිං ගඟ අශ්‍රිත පහත් තැනිතලා බිම් ප්‍රදේශයක් වන ය. ගිං ගග හරහා පාරු මගින් උක් අස්වැන්න සීනි කර්මාන් තශාලාව වෙත ප්‍රවාහනය කොට ඇති බවට සඳහන් වෙයි.
කෙසේ වෙතත් රාජ්‍ය අනුග්‍රහය සහිතව සීනි කර්මාන්තය මෙරට සංවිධානාත්මකව ආරම්භ කරන ලද්දේ 1950 දශකයේ වෙයි. මුලින් කන්තලේ හා හිඟුරාණ සීනි කමහල් ලංකා සීනි සංයුක්ත මණ්ඩලය යටතේ ආරම්භ කල අතර අසූව දශකයේ සෙවනගල හා පැල්වත්ත සීනි කම්හල්ආරම්භ කෙරිනි. අද වන විට කන්තලේ කර්මාන්ත ශාලාව හැරුණු කොට ඉතිරි තුන සීනි නිෂ්පානයේ යෙදී සිටී. ඒ අනුව රටේ වර්ථමාන සීනි අවශ්‍යතාවයෙන් 6%-8% නිෂ්පාදනයක් වාර්ෂික වසැපයීමට එම කර්මාන්ත ශාලා තුනට හැකිව තිබේ.
Subscribe to:
Posts (Atom)