Search This Blog
Sunday, August 9, 2015
ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය
ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව ඇත්තේ ඌව ද්‍රෝණියේ දකුණු හා නැගෙනහිර කඳුකර බෑවුම් ප්‍රදේශයේ වන අතර (බදුල්ල, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොණරාගල, සියඹලාණ්ඩුව හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල) මෙම ප්‍රදේවල උක් ගොවීහු ආර්ථික අතින් අතිශය අසරණ පිරිසක් වේ. උක් කර්මාන්ශාලා පිහිටා ඇති තැනිතලා ප්‍රදේශයේ මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතයට ඇති ඉඩකඩ මෙම ප්‍රදේශවල ඉතා විරලය. උක් වගාව සඳහා බිම් සැකසීමේ සිට සියළු කටයුතු කෙරෙනුයේ ප්‍රධාන වශයෙන්ම මිනිස් ශ්‍රමය භාවිතයෙන් වෙයි. උක් වගාවෙන් ලැබෙන ආදායම අනෙකුත් බෝගයනට සාපේක්ෂව අඩුවීමත් මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිත කිරීමට සිදුවීමත් ප්‍රධාන වශයෙන් උක් වගාවෙන් ගොවීන් ඉවත් වීමට බලපා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස උක් හකුරු කර්මාන්තය ද බිඳවැටෙමින් පවතී.සීනි මගින් හකුරු නිෂ්පාදනය කරනු ලබන කුඩා කර්මාන්ත ව්‍යාප්තවීම ද ඉතත උක් හකුරු නිෂ්පාදක යන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වේ.
Subscribe to:
Posts (Atom)