Search This Blog

Tuesday, December 8, 2015

Sunday, November 22, 2015

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කර්මාන්තයක් ලෙස ව්‍යාප්තව පවතින උක් හකුරු නිෂ්පාදනය

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කර්මාන්තයක් ලෙස ව්‍යාප්තව පවතින උක් හකුරු නිෂ්පාදනය 

උක් හකුරු කර්මාන්තය මේ වන  විට බදුල්ල  දිස්තික්කයේ පස්සර, හල්දුම්මුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, වැල්ලවාය යන  පාදීශීය ලේකම්  කොට්ටාශවල සුලභ ලෙස  ව්‍යාප්තව  ඇත. මෙම  කර්මානතය බොහෝවිට  නවීන තාක්ෂණය හාවිතයෙන් තොර අතර සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස අඩු  ආදායම්  ලාභී ගොවි  ජනතාව අතර ස්ථාපිතව  ඇත. උක්  හකුරු  වල මිල  උච්චාවචනය වීම  හා ඇතැම්  කාල  වලදී මිල  ඉතා දරුණු ලෙස පහල  යාම මෙම  කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුන  දෙන ප්‍රධාන ගැටලුවයි.

උක්  හකුරු නිෂ්පාදනය සිදු කරන ආකාරය බැලීමට පහත ලින්ක් එකක ක්ලික් කරන්න

https://youtu.be/VK_RdUvUCcg

Sunday, August 9, 2015

ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය

ශ්‍රීලංකාවේ උක් හකුරු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව ඇත්තේ ඌව ද්‍රෝණියේ දකුණු  හා නැගෙනහිර කඳුකර බෑවුම් ප්‍රදේශයේ  වන අතර (බදුල්ල, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොණරාගල, සියඹලාණ්ඩුව හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල) මෙම ප්‍රදේවල උක් ගොවීහු ආර්ථික අතින් අතිශය අසරණ පිරිසක් වේ. උක් කර්මාන්ශාලා  පිහිටා  ඇති තැනිතලා ප්‍රදේශයේ මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතයට ඇති ඉඩකඩ මෙම ප්‍රදේශවල  ඉතා විරලය. උක්  වගාව සඳහා බිම් සැකසීමේ  සිට සියළු කටයුතු කෙරෙනුයේ ප්‍රධාන වශයෙන්ම මිනිස් ශ්‍රමය භාවිතයෙන් වෙයි. උක් වගාවෙන් ලැබෙන ආදායම අනෙකුත් බෝගයනට සාපේක්ෂව අඩුවීමත්   මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිත කිරීමට සිදුවීමත් ප්‍රධාන වශයෙන් උක් වගාවෙන් ගොවීන් ඉවත් වීමට බලපා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස උක් හකුරු කර්මාන්තය ද බිඳවැටෙමින් පවතී.සීනි මගින් හකුරු  නිෂ්පාදනය කරනු ලබන කුඩා කර්මාන්ත  ව්‍යාප්තවීම ද ඉතත උක් හකුරු නිෂ්පාදක යන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වේ.